Kitchen
කිරි අඟුණ සහ කුනිස්සෝ
කිරි අඟුණ කියන්නේ මැල්ලුමක් විදිහට අපේ රටේ ජනප්‍රිය පලා වර්ගයක් නේ. හැබැයි මේ විදිය ගොඩක් අයට අලුත් විදිහක් වෙයි.
අවශ්‍ය ද්‍රව්‍ය :-
කිරි අඟුණ කොළ
කුනිස්සෝ ග්‍රෑම් 50 ක්
ලුණු
කැබලි මිරිස්
දිය කිරි කෝප්පයක්
සුදු ළුණු බික් දෙකක් (පලා ගන්න)
කපාගත් රතු ළුණු
හදන්නේ මෙහෙමයි :-
කිරි
අඟුණ කොළ කඩාගන්න. කපාගන්නත් පුළුවන්. එත් වඩා හොඳයි අතින් කොටස් වශයෙන්
කඩාගන්නව නම්. පොලි කිරි ටික ලිපේ තියල ඒකට මේ කිරි අඟුණ කොළ ටික එකතු
කරන්න. රතු – සුදු ළුනු වගේම කෑලි මිරිසුත් ලුණුත් දාල ටිකක් හැඳි ගාන්න.
කොළ ටික මැලවෙද්දී කුනිස්සෝ ටික එකතු කරන්න. හැඳි ගාමින් ම මේක කරනවානම් වඩා හොඳයි.
කුනිස්සෝ ටික අඟුණ කොලත් එක්ක මිශ්‍ර කලාට පස්සේ පියනකින් වහල ඉදෙන්න අරින්න.
අපේ රටට ආවේනික ජාතිවලින් ම විතරක් හැදෙන්නේ නැති වුණාට මේ ව්‍යංජන ටික අපේ රටට විශේෂයි.
ඒ වගේම ලොකු වියදමක්, ලොකු මහන්සියක් නැතුව හදාගන්න පුළුවන් රස ම රස – ගුණ ම ගුණ ව්‍යංජන නිසා උයන පිහන ඔයාටත් මේ කෑම විශේෂ වෙයි.